උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ වර්තමාන ජන ජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත් වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසනවා.
උතුරේ සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ද ලබාදෙන බව යි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (23) හමු වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළා.
පළාතේ වර්තමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාරවරිය විසින් තානාපතිවරිය දැනුවත් කළ අතර එහිදි නැවත පදිංචි කිරීම්, කෘෂිකාර්මික කටයුතු, ධීවර සහ සංචාරක කටයුතු ඇතුලු ජනතාවගේ පොදු යටිතල පහසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
යුද්ධය නිමාවීමෙන් පසුව ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා පසුගිය වසර කිහිපය තුල ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලා පිලිබඳව ආණ්ඩුකාරවරිය විසින් පෙන්වා දුන් අතර මෙහිදී තානාපතිනිය ප්‍රකාශ කළේ වර්තමානයේ උතුරු පළාතේ ජනතාවගේ දෛනික කටයුතු මෙන්ම සංවර්ධනය පිළිබඳව තමා සෑහීමකට පත්වන බවයි.
එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස දෙවන වරටත් පත්වීම පිළිබඳව තමන් සුභ පතන බව ද ඇමරිකා තානාපතිනිය පී.එස්.එම්. චාල්ස් මහත්මියට ප්‍රකාශ කර තිබෙනවා.























CHUNG AND CHARLES IN A SECRET DISCUSSION??? EVERY ACTION HAPPENED IN FAST HIDE BEHIND USA AND CIA ACCORDING TO WIMALE AND GAMMA.