ඇමරිකානු ගුවන් හමුදාවේ දැවැන්තයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ උදව්වට එයි

ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා 02ක් අද (07)
පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියා.

මෙම ගුවන් යානය තුළ ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයින් 60 දෙනෙකු ද පැමිණ සිටියා.

මෙම ගුවන් යානා දෙක තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක සිට මෙලෙස කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය , යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතයි .

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46


?