ඇමති ශෙහාන් හා ADB උප සභාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සහ නොවෙනස්ව පවත්වාගෙන යාම අනාගත අර්බුද ඇති නොවීමට හේතුවක් බව අමෙරිකාව අවධාරණය කරනවා.

එරට භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රෝත් සඳහන් කරන්නේ එම ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට හේතුවී ඇති බවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ 57 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ජෝර්ජියාවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග පැවැති හමුවේදී ඔහු මේ බව පැවැසීය.

එහීදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය එහි දී පුළුල්ව සාකච්ජා කෙරුණු අතර අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට නැවතත් සහතික විය.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති (දකුණු, මධ්‍යම සහ බටහිර ආසියාව) යින්ග්මිං යැං සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව අතර නව 2024-2028 හවුල්කාරිත්ව හා උපායමාර්ගික සැලැස්ම පිළිබඳවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගැනීමට සිදු කරන ප්‍රතිසංස්කරණවලදී ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහයෝගය සම්බන්ධවත් එහි දී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

ආර්ථිකමය වශයෙන් ළගා කරගෙන ඇති ප්‍රගතිය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව වැඩි දුරටත් කරුණු සාකච්ඡා කෙරුණු අතර යින්ග්මිං යැං ශ්‍රී ලංකාවට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුවේ දැඩි කැපවීම යළිත් තහවුරු කළේය.

ශ්‍රී ලංකාව මුලසුන දරමින් සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීමේ ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැති අතර ශ්‍රී ලංකාව සභාපතිත්වය දරන කාලය තුළ සාර්ක් සංවර්ධන අරමුදලේ අරමුණු ඉටුකර ගැනීමට සහ තවදුරටත් ඉදිරියට ගෙනයාමට සාමාජික රටවල් ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳ අමාත්‍යවරයා එහි දී සිය කෘතඥතාව පළ කළේය.

සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස බංග්ලාදේශ මුදල් අමාත්‍ය අබුල් හසන් මහමුද් අලි වෙත වගකීම් භාර දීමද එහිදී සිදු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27