ඇමති ශෙහාන් හා ADB උප සභාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සහ නොවෙනස්ව පවත්වාගෙන යාම අනාගත අර්බුද ඇති නොවීමට හේතුවක් බව අමෙරිකාව අවධාරණය කරනවා.

එරට භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රෝත් සඳහන් කරන්නේ එම ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට හේතුවී ඇති බවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ 57 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ජෝර්ජියාවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග පැවැති හමුවේදී ඔහු මේ බව පැවැසීය.

එහීදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය එහි දී පුළුල්ව සාකච්ජා කෙරුණු අතර අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට නැවතත් සහතික විය.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති (දකුණු, මධ්‍යම සහ බටහිර ආසියාව) යින්ග්මිං යැං සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව අතර නව 2024-2028 හවුල්කාරිත්ව හා උපායමාර්ගික සැලැස්ම පිළිබඳවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගැනීමට සිදු කරන ප්‍රතිසංස්කරණවලදී ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහයෝගය සම්බන්ධවත් එහි දී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

ආර්ථිකමය වශයෙන් ළගා කරගෙන ඇති ප්‍රගතිය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව වැඩි දුරටත් කරුණු සාකච්ඡා කෙරුණු අතර යින්ග්මිං යැං ශ්‍රී ලංකාවට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුවේ දැඩි කැපවීම යළිත් තහවුරු කළේය.

ශ්‍රී ලංකාව මුලසුන දරමින් සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීමේ ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැති අතර ශ්‍රී ලංකාව සභාපතිත්වය දරන කාලය තුළ සාර්ක් සංවර්ධන අරමුදලේ අරමුණු ඉටුකර ගැනීමට සහ තවදුරටත් ඉදිරියට ගෙනයාමට සාමාජික රටවල් ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳ අමාත්‍යවරයා එහි දී සිය කෘතඥතාව පළ කළේය.

සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස බංග්ලාදේශ මුදල් අමාත්‍ය අබුල් හසන් මහමුද් අලි වෙත වගකීම් භාර දීමද එහිදී සිදු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?