AFC Banner
Empty Ad
Empty Ad

ඇමති විමල්ට එරෙහි වාරණය දීර්ඝ වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ චරිතයට, කීර්ති නාමයට හානි වන ආකාරයට විමල් වීරවංශ ප්‍රසිද්ධ දේශනයකදී සිදු කළේ යැයි කියන ද්වේශ සහගත  ප්‍රකාශය යළි  සිදු කිරීම, ප්‍රචාරණය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අමාත්‍ය විමල් වීරවංශ සහ මාධ්‍ය ආයතන  තුනකට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගයක් අප්‍රේල් මස 12 දා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා .

කොළඹ දිසා විනිසුරු අරුණ අළුත්ගේ විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී .

පසුගිය මාර්තු මස 9 දා කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී වීරවංශ තමා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය කර ඇති බව රිෂාඩ් බදුර්දීන් සිය පෙත්සමෙන් පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?