ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අතර හමුවක් සිදුව තිබෙනවා.
රියාද්හි පැවති 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මෙලෙස සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ, සෞදි පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ආරාධනා කිරීම ඇතුළුව දේශපාලන හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. .
මේ අතර පලස්තීන ගැටලුවට කල් පවතින විසඳුමක් සෙවීමේදී සෞදි අරාබියේ ප්‍රමුඛ කාර්යභාරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙහිදී අගය කර ඇති අතර, ශ්‍රී ලංකාව පලස්තීනයට දක්වන සහයෝගය නැවත තහවුරු කර තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සනිටුහන් කරමින් සමරු මුද්දරයක් ද ප්‍රධානය කිරීමටයි සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර ඇත්තේ.




