ඇමති විජිත හේරත් සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අතර හමුවක් සිදුව තිබෙනවා.

රියාද්හි පැවති 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මෙලෙස සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ, සෞදි පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ආරාධනා කිරීම ඇතුළුව දේශපාලන හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. .

මේ අතර පලස්තීන ගැටලුවට කල් පවතින විසඳුමක් සෙවීමේදී සෞදි අරාබියේ ප්‍රමුඛ කාර්යභාරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙහිදී අගය කර ඇති අතර, ශ්‍රී ලංකාව පලස්තීනයට දක්වන සහයෝගය නැවත තහවුරු කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සනිටුහන් කරමින් සමරු මුද්දරයක් ද ප්‍රධානය කිරීමටයි සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56