දෙදින නිල සංචාරයක් සඳහා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ අනිද්දා (06) දින ඉන්දියාවේ දී පැවැත්වෙන විශේෂ හමුවකට සහභාගී වීම සඳහා යි.
එම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.
එමෙන්ම පවතින වසංගත තත්ත්වය තුළ දී දෙරට අතර ශ්‍රමිකයින් රැකියා සඳහා ගෙන්වා ගැනීම මෙන්ම අධ්‍යාපනය සඳහා දෙරටෙහි සිසුන් හට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමිකර දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.














