ඇමති ජී එල් ඉන්දියාවේ සංචාරයක

දෙදින නිල සංචාරයක් සඳහා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනිද්දා (06) දින ඉන්දියාවේ දී පැවැත්වෙන විශේෂ හමුවකට සහභාගී වීම සඳහා යි.

එම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම පවතින වසංගත තත්ත්වය තුළ දී දෙරට අතර ශ්‍රමිකයින් රැකියා සඳහා ගෙන්වා ගැනීම මෙන්ම අධ්‍යාපනය සඳහා දෙරටෙහි සිසුන් හට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමිකර දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12