AFC Banner
AFC Banner
Empty Ad

ඇමති කෙහෙළිය රජයට පාඩුවක් කළැයි චෝදනා එල්ල වූ නඩුවක් කල් යයි

අල්ලස් කොමිසම විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට මතුකර තිබෙන මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව පෙබරවාරි මස 16 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (31) දින නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුව නීතිය ඉදිරියේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් දන්වමින් මූලික විරෝධතා මතු කළා.

එම මූලික විරෝධතා පිළිබඳව කරුණු සලකා බැලූ අධිකරණය එහි නියෝගය පෙබරවාරි මස 16 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.

කෙහෙළිය රබුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ 2012 වසරේ මාර්තු මස 15 වනදා සහ ඒ වසරේ අප්‍රේල් මස 15 වනදා අතර කාල සීමාව තුළ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයට අදාළ වන රුපියල් දෙලක්ෂ තිස්දාහක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?