ඇමති කෙහෙළිය රජයට පාඩුවක් කළැයි චෝදනා එල්ල වූ නඩුවක් කල් යයි

අල්ලස් කොමිසම විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට මතුකර තිබෙන මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව පෙබරවාරි මස 16 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (31) දින නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුව නීතිය ඉදිරියේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් දන්වමින් මූලික විරෝධතා මතු කළා.

එම මූලික විරෝධතා පිළිබඳව කරුණු සලකා බැලූ අධිකරණය එහි නියෝගය පෙබරවාරි මස 16 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.

කෙහෙළිය රබුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ 2012 වසරේ මාර්තු මස 15 වනදා සහ ඒ වසරේ අප්‍රේල් මස 15 වනදා අතර කාල සීමාව තුළ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයට අදාළ වන රුපියල් දෙලක්ෂ තිස්දාහක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19