ඇමතිවරුන්ගෙන් කිසි සැලකිල්ලක් නෑ – ආණ්ඩුවේ පසුපෙළින් අගමැතිට අදෝනාවක්

ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, නිලධාරීන් තමන් නොසලකා හරිමින් කටයුතු කරන බවට, ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එල්ල කළ බරපතළ චෝදනා සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවත් ඊට තමන් ද සහභාගී වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මෙම කණ්ඩායම් රැස්වීම ඊයේ (22) පෙරවරු 8.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර, එය උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.

ඒ ඇතැම් ඇමතිවරු, තමන් ගණන් නොගෙන කටයුතු කිරීම, පළාත් සභා ඇතැම් ආණ්ඩුකාරවරු, පළාත් ලේකම්වරුන් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් වන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් නොවිමසා කටයුතු කිරීම මෙන්ම රාජ්‍ය නිලධාරින් තමන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි ලෙස චෝදනා කිරීම හේතුවෙන්.

තිස්ස කුට්ටිආරච්චි, සමන්ප්‍රිය හේරත්, ජයන්ත කැටගොඩ, මිලාන් ජයතිලක, ඩී වීරසිංහ යනාදී මන්ත්‍රීවරු සහ පියල් නිශාන්ත, චාමර සම්පත් යන රාජ්‍ය අමාත්‍යවරුන් ද මෙසේ බරපතළ චෝදනා ඉදිරිපත් කරමින් කතා කළ අතර, විශේෂයෙන් ම තමන්ව නොසලකා හරින ඇමතිවරුන්ගේ වැය ශිර්ෂවලට අය වැයේදී ඡන්දය දීමට හැකියාවක් නැතැයිද ඔවුන් බොහෝ දෙනෙක් කියා සිටියා.

ඇතැම් ඇමතිවරු විදේශ රැකියා දෙන බව පවසා, තමන් ඊට අදාළව ලබාදුන් එම ලැයිස්තු නොසලකා හැර ඇතැයි ද ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කළා.

තමන්ට ගම්වලට යා නොහැකි බවද ප්‍රදේශවාසින් තමන්ට දෝෂාරෝපණය කරන බවද ඔවුහු සඳහන් මෙහිදී සදහන් කර සිටියා.

මෙම රැස්වීම ආරම්භ කරන අවස්ථාවේ එහි සිටි විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරින් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේ ඉවත්ව ගිය පසුවද ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු තවදුරටත් රැදී සිටිමින් සිය ප්‍රශ්න අගමැතිවරයාට ඉදිරිපත් කළා.

එහිදී අගමැතිවරයා කියා සිටියේ, පළාත් සභා ප්‍රධාන ලේකක්වරුද කැඳවා මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවයි.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කිසියම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන්, ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සභාවට යාමට සිදුවීම හේතුවෙන් මෙම රැස්වීම අවසන් වුණා.

සියල්ල සාවදානව අසා සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග කටයුතු කරන ලෙස තමන් ආණ්ඩුකාරවරුන්ට පැහැදිලිව උපදෙස් දී ඇති බවයි.

මෙම රැස්වීමට, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන අයද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?