ඇමතිවරුන්ගෙන් කිසි සැලකිල්ලක් නෑ – ආණ්ඩුවේ පසුපෙළින් අගමැතිට අදෝනාවක්

ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, නිලධාරීන් තමන් නොසලකා හරිමින් කටයුතු කරන බවට, ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එල්ල කළ බරපතළ චෝදනා සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවත් ඊට තමන් ද සහභාගී වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මෙම කණ්ඩායම් රැස්වීම ඊයේ (22) පෙරවරු 8.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර, එය උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.

ඒ ඇතැම් ඇමතිවරු, තමන් ගණන් නොගෙන කටයුතු කිරීම, පළාත් සභා ඇතැම් ආණ්ඩුකාරවරු, පළාත් ලේකම්වරුන් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් වන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් නොවිමසා කටයුතු කිරීම මෙන්ම රාජ්‍ය නිලධාරින් තමන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි ලෙස චෝදනා කිරීම හේතුවෙන්.

තිස්ස කුට්ටිආරච්චි, සමන්ප්‍රිය හේරත්, ජයන්ත කැටගොඩ, මිලාන් ජයතිලක, ඩී වීරසිංහ යනාදී මන්ත්‍රීවරු සහ පියල් නිශාන්ත, චාමර සම්පත් යන රාජ්‍ය අමාත්‍යවරුන් ද මෙසේ බරපතළ චෝදනා ඉදිරිපත් කරමින් කතා කළ අතර, විශේෂයෙන් ම තමන්ව නොසලකා හරින ඇමතිවරුන්ගේ වැය ශිර්ෂවලට අය වැයේදී ඡන්දය දීමට හැකියාවක් නැතැයිද ඔවුන් බොහෝ දෙනෙක් කියා සිටියා.

ඇතැම් ඇමතිවරු විදේශ රැකියා දෙන බව පවසා, තමන් ඊට අදාළව ලබාදුන් එම ලැයිස්තු නොසලකා හැර ඇතැයි ද ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කළා.

තමන්ට ගම්වලට යා නොහැකි බවද ප්‍රදේශවාසින් තමන්ට දෝෂාරෝපණය කරන බවද ඔවුහු සඳහන් මෙහිදී සදහන් කර සිටියා.

මෙම රැස්වීම ආරම්භ කරන අවස්ථාවේ එහි සිටි විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරින් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේ ඉවත්ව ගිය පසුවද ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු තවදුරටත් රැදී සිටිමින් සිය ප්‍රශ්න අගමැතිවරයාට ඉදිරිපත් කළා.

එහිදී අගමැතිවරයා කියා සිටියේ, පළාත් සභා ප්‍රධාන ලේකක්වරුද කැඳවා මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවයි.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කිසියම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන්, ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සභාවට යාමට සිදුවීම හේතුවෙන් මෙම රැස්වීම අවසන් වුණා.

සියල්ල සාවදානව අසා සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග කටයුතු කරන ලෙස තමන් ආණ්ඩුකාරවරුන්ට පැහැදිලිව උපදෙස් දී ඇති බවයි.

මෙම රැස්වීමට, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන අයද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43