AFC Banner
AFC Banner
Empty Ad

ඇඳුමක් නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිපියක් ආන්දෝලනයකට තුඩුදෙයි

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් 02 වැනි දා පෙරවරු 9.30ට ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ඉදිරි කටයුතු වෙනුවෙන් නව අමාත්‍යවරුන් හඳුනාගැනීමේ කෙටි හමුවට සහභාගී වීම සඳහා ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශ්වය වෙත ඔවුනොවුන් පැමිණිය යුතු ඇඳුම දන්වමින් නිකුත් කරන ලද ලිපි දෙකෙහිම යම් සංශෝධනයක් දැකගත හැකි වනවා.

එහි පළමු ලිපිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්‍ය (රියර් අද්මිරාල්) ශේමාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

එම ලිපිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති ප්‍රමුඛ සියලුම ජාතික ක්‍රීඩා සංගම හා සම්මේලන නිලධාරින්ට යොමු කර ඇති අතර අදාළ කෙටි හමුව සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍යවරු වන සුගත් තිලකරත්න, එරංග ගුණසේකර යන අමාත්‍යවරු සහභාගී වන බවයි දන්වා ඇත්තේ.

මෙම කෙටි හමුව දෙසැම්බර් 02 වැනි දිනට පැවැත්වීමට සැලසුම් කරන ලෙසත්, ඒ සඳහා සහභාගී වන්නන් හට ‘ නිල ඇඳුමක්’ ද නිර්දේශ කර තිබෙනවා.

මෙම නිර්දේශය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට යොමුකළ පළමු ලිපියේ දැක්වෙන අතර එහි දැක්වෙන්න; ” පිරිමි නිලධාරින් අත් දිග කමීසය සහ ටයි පටිය ද කාන්තා නිලධාරිනියන් සාරිය හෝ සුදුසු ඇඳුමක් යන්නයි.

නමුත් මෙම ඇඳුම තවත් ලිපියක් නිකුත් කරමින් සංශෝධනයට ලක් කර තිබෙනවා.

දෙවැනි ලිපියෙහි DG/DSD/07/02/2024(1) අංකයට ප්‍රකාරව නිකුත් කර ඇත්තේ ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුවයි.

කෙටි හමුව සඳහා පැමිණෙන නිලධාරින්ගේ ඇඳුම සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් මෙම දෙවැනි ලිපියෙන් සංශෝධනය කරන බවයි දක්වා ඇත්තේ.

ඒ අනුව එහි දැක්වෙන්නේ ” සුදුසු ඇඳුමකින් සැරසී පැමිණෙන’ ලෙසයි.

මේ සම්බන්ධයෙන් එම නිලධාරින්ට සිදු වූ අපහසුතාව ගැන ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය අත්සනින් යුතුව කනගාටුව පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?