AFC Banner
Empty Ad
Empty Ad

ඇන්ටාක්ටිකාව ඉතා වේගයෙන් කොළ පැහැයට හැරෙයි

විශාල මහද්වීපයක්වන ඇන්ටාක්ටිකාවේ කොටස් හි පවතින අධික තාපය හේතුවෙන් ශාක හා ජීවීන් කොළ පැහැයෙන් දිස්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය නව පරීක්ෂණයක් මගින් හෙළිවී ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

විද්‍යාඥයන් විසින් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත භාවිතා කර ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ වෘක්ෂලතා මට්ටම් විශ්ලේෂණය කිරීම සිදු කර තිබෙනවා.

එම කලාපය උණුසුම් වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එංගලන්තයේ Exeter සහ Hertfordshire විශ්වවිද්‍යාල වල විද්‍යාඥයින් සහ බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටිකාවේ සිදුකරන ලද සමීක්ෂණය මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ; මෙම කටුක පරිසරය තුළ ශාක ජීවය ඉතා වේගයෙන් පැතිරෙන බවයි.

1986 වර්ෂයේදී ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ වර්ග සැතපුම් 0.4 කට වඩා අඩු ප්‍රමාණයක් ශාක පද්ධතීන් විසින් ආවරණය වී ඇති අතර 2021 වන විට වර්ග සැතපුම් 5කට ආසන්න ප්‍රමාණයකට ළඟා වී ඇති බව එම අධ්‍යනයෙන් හෙළිවී තිබුණා.

දශක හතරකට ආසන්න කාලයක් පුරා කලාපය හරිතකරණය වී ඇති අනුපාතය 2016 සහ 2021 අතර 30% කට වඩා වැඩි වේගයකින් වේගවත් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?