ඇතැම් ස්ථාන වලට මි. මි. 100ට වැඩි තද වැසි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 570ක් පමණ නැගෙනහිර දෙසින්) ස්ථාපිත වී පවතින ගැඹුරු පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරවවයඹ දෙසට ගමන් කර (දෙසැම්බර් 07) සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇත.එම පද්ධතිය දෙසැම්බර් 08 වන දිනඋදෑසනවන විට නිරිතදිග බෙංගාල බොක්කමුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?