ඇතැම් රෝහල්වල දින නියම කරන හදිසි නොවන සැත්කම් සිදු කිරීම කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ලබාගැනීමේ ගැටලුවත් සමඟ පවතින තත්වය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
එසේම රෝහල් පද්ධතිය තුළ මේ වනවිට නොමැති ඖෂධ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැහැදිළි කිරීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධ 646 න් 37 ක් මේ වනවිට නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1