“ඇතැම් බියකරු සිහින සැමවිටම ඔබව හොල්මන් කරයි, අසල්වැසියනි හෙට හමුවෙමු”

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන මීළඟ තරගය අද (02) ඉන්දියාව එරෙහිව පැවැත්වෙනවා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරග එක්සත් ජාතීන්ගේ ලෝක ළමා අරමුදල වෙනුවෙන් වෙන්කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළ, අද තරගය පිළිබඳව ශ්‍රී ලංකාවට උපහාසාත්මක අයුරින් පොස්ටුවක් පළකර ඇති ආකාරය දැකගත හැකි වුණා.

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළේ නිල ෆේස්බුක් පිටුවේ ඊයේ රාත්‍රියේ මෙම පොස්ටුව පළකර තිබූ අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහක් මතුව තිබෙනවා.

“හැලොවීන් අවසන් නමුත් සමහර බියකරු සිහින සැමවිටම ඔබව හොල්මන් කරයි, සුභ රාත්‍රියක් අසල්වැසියනි හෙට හමුවෙමු” යනුවෙන් අදාළ පොස්ටුවේ දැක්වනවා.

මේ අතර අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වූ 2008 වසරේ සිට මේ දක්වා අයි.පී.එල්. ශූරතාවක් හිමිකරගෙන නොමැති රෝයල් චැලෙන්ජස් බැංගලෝර් වැනි කණ්ඩායමක් මෙවැනි පොස්ටුවක් පළ කිරීම හාස්‍යජනවන බව බොහෝ දෙනෙක් පවසනවා.

WhatsApp Image 2023 11 02 at 9.36.32 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
3
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34