AFC Banner
Empty Ad
Empty Ad

ඇකිරිය ප්‍රදේශය යළිත් සෙළවේ

පස්සර – මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය සහ ඒ අවට ගම්මාන කිහිපයක සුළු භූ චලන තත්වයක් වාර්තාවී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.එය රික්ටර් පරිමාණයේ ඒකක දෙකකට ආසන්න බවයි එම කාර්යාංශය සඳහන් කළේ.මීට  පෙර අවස්ථාවකද ඇකිරිය ප්‍රදේශයේ  භූ චලන තත්වයක් වාර්තාවුණා.කෙසේවෙතත් මේ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළා.ප්‍රදේශවාසීන් ප්‍රකාශකර ඇත්තේ අද අලුයම 2.56ට පමණ මෙම කම්පනය සිදුවූ බවයි.

තත්පර 30ක පමණ කාලයක් එම කම්පන තත්වය පැවති බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.අද සිදුවූ මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තාවී නැහැ. මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය සහ ඒවට අවට ගම්මාන කිහිපයකට පසුගිය 22 වනදා අලුයම 3.30, 3.38ට සහ 3.56ට මෙවැනි කම්පන කිහිපයක් සිදුවූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?