ඇකිරිය ප්‍රදේශය යළිත් සෙළවේ

පස්සර – මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය සහ ඒ අවට ගම්මාන කිහිපයක සුළු භූ චලන තත්වයක් වාර්තාවී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.එය රික්ටර් පරිමාණයේ ඒකක දෙකකට ආසන්න බවයි එම කාර්යාංශය සඳහන් කළේ.මීට  පෙර අවස්ථාවකද ඇකිරිය ප්‍රදේශයේ  භූ චලන තත්වයක් වාර්තාවුණා.කෙසේවෙතත් මේ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළා.ප්‍රදේශවාසීන් ප්‍රකාශකර ඇත්තේ අද අලුයම 2.56ට පමණ මෙම කම්පනය සිදුවූ බවයි.

තත්පර 30ක පමණ කාලයක් එම කම්පන තත්වය පැවති බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.අද සිදුවූ මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තාවී නැහැ. මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය සහ ඒවට අවට ගම්මාන කිහිපයකට පසුගිය 22 වනදා අලුයම 3.30, 3.38ට සහ 3.56ට මෙවැනි කම්පන කිහිපයක් සිදුවූ බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28