ආහාර උද්ධමනය 2024 වර්ෂයේදී තවදුරටත් අඩු වෙනවා – වෙළඳ ඇමති

ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේම ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කල හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අප විසින් අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවුණා. එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා ශත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබුවා. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කළා. ඒ වගේම සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දී තිබෙනවා. එම සීනි තොග අවසන් වන තුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරනවා. සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

ඒ වගේම මෙරට තුළ සිදුකරමින් තිබෙන ආහාර නිෂ්පාදන ප්‍රමාණය කොපමණ ද ? ඉන් කොපමණ ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කෙරෙනවා ද ? ඒවා වෙළඳපලට නොලැබීම තුළ පාරිභෝගිකයාට කොපමණ මිල වැඩිවීමකට මුහුණ දීමට සිදුවනවා ද? යන්න පිළිබඳව අප මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී සහල් මිල සම්බන්ධයෙන් අප මේ දිනවල පුරෝකථන සිදු කරනවා.

ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ධීවර, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යංශය වෙතින්ද මේ ආකාරයටම වාර්තා කැඳවා තිබෙනවා. ඒ හරහා රට තුළ ආහාර සුරක්ෂිතතාවය කොපමණ දුරට පවත්වාගෙන යා හැකි ද, සහ 2024 වර්ෂයේ දී කොපමණ දුරට මිල පාලනය කළ හැකි ද යන්න ඇතුළු තවත් සංවේදී දත්ත පිළිබඳව වැටහීමක් ලබාගැනීමට ද බලාපොරොත්තු වනවා. මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි වර්ෂය සඳහා පාරිභෝගිකයාට සහතිකයක් ලබාදිය හැකි වනවා. ඒ වගේම භාණ්ඩ ආනයනය සම්බන්ධව ද අවබෝධයක් ලබාගත හැකියි. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබීම තුළින් ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව විශ්වාස කළ හැකියි.

එමෙන්ම සෑම මසකම මෙරටට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කරනවා. කඩාවැටුණු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු බිත්තර ආනයනයන් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ම බිත්තර ආනයනය සිදු කරනු ලබනවා. ඒ සමග උත්සව සමයේදී වෙළදපල තුළ බිත්තර හිගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා.

පසු ගිය දිනවල වෙළදපොලේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1700ක්ව පැවති කුකුළු මස් මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1150ක මිලකට වෙළඳපලට නිකුත් කිරීමට හැකිවී තිබෙනවා. මේ තත්ත්වය වසර අවසන් වන තුරු පවත්වාගෙන යාමට හැකි බව අපගේ විශ්වාසයයි. එම මිල ගණන් පසුකර යාමට නිෂ්පාදකයින් සූදානම් වුවහොත් කුකුළු මස් ආනයනය කිරීමට ද සූදානම් බව අප ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40