AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනපති ජපන් සංචාරයෙන් පසු පිලිපීනයට

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

සිය දෙදින ජපාන නිල සංචාරයේ දී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමඟ ද ද්වි පාර්ශ්වික සාකච්ඡාවන පැවැත්වීමට ද නියමිත බව සඳහන්.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් සමඟ මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කරමින් ලබන 30 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?