ආසියානු – පැසිපික් කලාපයට ම සම්මානයක් දිනාගත් ලාංකික කත දිවයිනට (ඡායාරූප)

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබූ “ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු – 2024” සම්මානය දිනාගත් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය දිවයිනට පැමිණියා.

ඇය මෙම සම්මානය රැගෙන අද (01) උදෑසන 10.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙම සම්මානය ශ්‍රී ලංකාවට මෙන් ම සමස්ත ආසියානු – පැසිපික් කලාපයට ම දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් මාස 08 ක කාලයක් තුළ සිදු කළ ඇගැයීම්වලින් අනතුරුව ලෝකයේ විවිධ රටවල තරගකාරි අයදුම්කරුවන් 750 දෙනෙකු අතරින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය ප්‍රථම ස්ථානයට තෝරා ගැනුණා.

මෙම සම්මානය එංගලන්තයේ ලන්ඩන් නුවර “ග්‍රෑන්ඩ් කෙනාඩ්” හෝටලයේ දී ඉකුත් 20 වැනිදා පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා මෙන් ම ස.ණ.ස.සංවර්ධන බැංකුවේ විධායක ලේකම්වරයා ලෙස ද සේවය කරමින් සිටිනවා.

WhatsApp Image 2024 07 01 at 16.07.20
IMG 20240701 WA0064
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?