AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු කුසලාන සංචිතය නම් කරන්න බංග්ලාදේශය වැඩියෙන් කල් ඉල්ලයි

ලබන 27 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවන ආසියානු කුසලාන තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය නම් කිරීමට තවත් දින කිහිපයක් ලබාදෙන ලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අබාධවලට ලක්ව සිටීම සහ කණ්ඩායමේ නායකත්වය පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැතිවීම යන කරුණු හේතුවෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ආබාධයන්ට ලක්ව සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ වෛද්‍ය වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

බංග්ලාදේශ කණ්ඩායමේ ලිටන් දාස් සහ නුරුල් හසන් ආබාධ හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන සිම්බාබ්වේ සංචාරයෙන් ඉවත් කර ඇති අතර, නියමිත දිනට පෙර ඔවුන් සම්පූර්ණයෙන් සුවය නොලැබුවහොත් ඔවුන් ආසියානු කුසලානයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි එරට ක්‍රිකට් මෙහෙයුමේ සභාපති ජලාල් යුනුස් පැවසුවේ.

ආසියානු කුසලාන තරගාවලියට එක්වන සංචිත ප්‍රකාශයට පත් කිරීමට දී ඇති කාලය හෙටින් (08) අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?