ආසියානු කුසලාන සංචිතය නම් කරන්න බංග්ලාදේශය වැඩියෙන් කල් ඉල්ලයි

ලබන 27 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවන ආසියානු කුසලාන තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය නම් කිරීමට තවත් දින කිහිපයක් ලබාදෙන ලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අබාධවලට ලක්ව සිටීම සහ කණ්ඩායමේ නායකත්වය පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැතිවීම යන කරුණු හේතුවෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ආබාධයන්ට ලක්ව සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ වෛද්‍ය වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

බංග්ලාදේශ කණ්ඩායමේ ලිටන් දාස් සහ නුරුල් හසන් ආබාධ හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන සිම්බාබ්වේ සංචාරයෙන් ඉවත් කර ඇති අතර, නියමිත දිනට පෙර ඔවුන් සම්පූර්ණයෙන් සුවය නොලැබුවහොත් ඔවුන් ආසියානු කුසලානයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි එරට ක්‍රිකට් මෙහෙයුමේ සභාපති ජලාල් යුනුස් පැවසුවේ.

ආසියානු කුසලාන තරගාවලියට එක්වන සංචිත ප්‍රකාශයට පත් කිරීමට දී ඇති කාලය හෙටින් (08) අවසන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36