AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු කුසලානයේ සුපිරි 04 වටයේ තරග ප්‍රේමදාසෙන් ගැලවෙන ලකුණු

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ තරග පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කොළඹට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්.

මෙවර තරගාවලියේ සුපිරි 04 වටයේ පැවැත්වෙන තරග හයෙන් තරග පහක්ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊට අමතරව අවසන් මහා තරගය ද කොළඹ දී පැවැත්වීමට මේ වනවිට සැකසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ කොළඹට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පල්ලෙකැලේ සහ දඹුල්ල විකල්ප ස්ථාන ලෙස යොදාගැනීමට අවදානය යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් සුපිරි 04 වටයේ තරග පැවැත්වෙන ස්ථානය පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊළඟ දින හෝ දෙක තුළ නිවේදනය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්ථානය විසින් දරන අතර, ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීමත් සමඟ තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද හිමි වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ද ඇතුළුව පැවැත්වෙන සමස්ත තරග දහතුනෙන් තරග නවයක් ද මෙරට දී පැවැත්වීමේ වටිනා අවස්ථාව උදාකර ගනිමින්.

කෙසේ වෙතත් එම වටිනා අවස්ථාවට කාලගුණයෙන් අයහපත් බලපෑමක් මේ වනවිටත් එල්ල කරමින් පවතිනවා.

ඒ, ඊයේ (02) පල්ලෙකැලේ දී පැවති ඉන්දු – පාකිස්ථාන තරගය ද වර්ෂාවට සෝදා හරිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
6
+1
6
+1
18
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?