ආසියානු කුසලානයේ සුපිරි 04 වටයේ තරග ප්‍රේමදාසෙන් ගැලවෙන ලකුණු

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ තරග පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කොළඹට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්.

මෙවර තරගාවලියේ සුපිරි 04 වටයේ පැවැත්වෙන තරග හයෙන් තරග පහක්ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊට අමතරව අවසන් මහා තරගය ද කොළඹ දී පැවැත්වීමට මේ වනවිට සැකසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ කොළඹට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පල්ලෙකැලේ සහ දඹුල්ල විකල්ප ස්ථාන ලෙස යොදාගැනීමට අවදානය යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් සුපිරි 04 වටයේ තරග පැවැත්වෙන ස්ථානය පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊළඟ දින හෝ දෙක තුළ නිවේදනය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්ථානය විසින් දරන අතර, ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීමත් සමඟ තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද හිමි වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ද ඇතුළුව පැවැත්වෙන සමස්ත තරග දහතුනෙන් තරග නවයක් ද මෙරට දී පැවැත්වීමේ වටිනා අවස්ථාව උදාකර ගනිමින්.

කෙසේ වෙතත් එම වටිනා අවස්ථාවට කාලගුණයෙන් අයහපත් බලපෑමක් මේ වනවිටත් එල්ල කරමින් පවතිනවා.

ඒ, ඊයේ (02) පල්ලෙකැලේ දී පැවති ඉන්දු – පාකිස්ථාන තරගය ද වර්ෂාවට සෝදා හරිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48