ආසියානු කුසලානයේ ඉන්දු – පාකිස්තාන තරගයට ඉන්දියාව තුළ දැඩි විරෝධයක්

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් ම තරගය ලෙස හැඳින්වෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට (14) පැවැත්වෙනවා.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන පසු දෙරට අතර ඇති වූ දේශපාලන ආතතීන් මධ්‍යයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගය මෙයයි.

මෙම තරගයට මේ වනවිට ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අප්‍රේල් 22 වන දින සිදු වූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස පහකටත් අඩු කාලයකට පසු පැවැත්වෙන මෙම තරගයට ඉන්දියාව ක්‍රීඩා කිරීම වහාම නවතා දමන ලෙසයි ඇතැම් විරෝධතාකරුවන් පවසන්නේ.

ප්‍රහාරයෙන් මියගිය තම අය වෙනුවෙන් පවුල් තවමත් ශෝකවන තත්ත්වයක, ජාත්‍යන්තර වේදිකාවක පාකිස්තානය ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීම වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත්තේ.

කොංග්‍රසය, ශිවසේනා සහ ආම් ආද්මි පක්ෂවල ප්‍රධානීන් සහ පාක්ෂිකයින්ගෙන් මෙම විරෝධතා බහුලව එල්ල වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර හෙට පවැත්වෙන මෙම තරගය සජීවීව විකාශනය කරන සමාජශාලා සහ අවන්හල් වර්ජනය කරන ලෙසයි එම පක්ෂවල නායකයින් පවසා ඇත්තේ.

සැප්තැම්බර් 09 වන දින ආරම්භ වූ 2025 ආසියානු කුසලාන තරඟාවලියට රටවල් අටක් සහභාගී වනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය හෙට (13) රාත්‍රී 8.00 ට ආරම්භ වන අතර, ක්‍රිකට් ලෝකයේ විශාලතම එදිරිවාදිකම් මතුවන තරගයක් ලෙසයි මෙම තරගය හඳුන්වන්නේ.

මෙම කණ්ඩායම් දෙකම සුපිරි හතර අදියර සඳහා සුදුකම් ලැබුවහොත් ඔවුන් යළිත් එකිනෙකා මුණගැසෙන අතර, කණ්ඩායම් දෙකම අවසන් මහා තරඟයට පිවිසීමට සමත් වුවහොත්, ඔවුන් තුන්වන වරටත් මෙවර ආසියානු කුසලානයේ දී මුණගැසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?