ආසියානු කුසලානයේ ඉන්දු – පාකිස්තාන තරගයට ඉන්දියාව තුළ දැඩි විරෝධයක්

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් ම තරගය ලෙස හැඳින්වෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට (14) පැවැත්වෙනවා.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන පසු දෙරට අතර ඇති වූ දේශපාලන ආතතීන් මධ්‍යයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගය මෙයයි.

මෙම තරගයට මේ වනවිට ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අප්‍රේල් 22 වන දින සිදු වූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස පහකටත් අඩු කාලයකට පසු පැවැත්වෙන මෙම තරගයට ඉන්දියාව ක්‍රීඩා කිරීම වහාම නවතා දමන ලෙසයි ඇතැම් විරෝධතාකරුවන් පවසන්නේ.

ප්‍රහාරයෙන් මියගිය තම අය වෙනුවෙන් පවුල් තවමත් ශෝකවන තත්ත්වයක, ජාත්‍යන්තර වේදිකාවක පාකිස්තානය ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීම වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත්තේ.

කොංග්‍රසය, ශිවසේනා සහ ආම් ආද්මි පක්ෂවල ප්‍රධානීන් සහ පාක්ෂිකයින්ගෙන් මෙම විරෝධතා බහුලව එල්ල වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර හෙට පවැත්වෙන මෙම තරගය සජීවීව විකාශනය කරන සමාජශාලා සහ අවන්හල් වර්ජනය කරන ලෙසයි එම පක්ෂවල නායකයින් පවසා ඇත්තේ.

සැප්තැම්බර් 09 වන දින ආරම්භ වූ 2025 ආසියානු කුසලාන තරඟාවලියට රටවල් අටක් සහභාගී වනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය හෙට (13) රාත්‍රී 8.00 ට ආරම්භ වන අතර, ක්‍රිකට් ලෝකයේ විශාලතම එදිරිවාදිකම් මතුවන තරගයක් ලෙසයි මෙම තරගය හඳුන්වන්නේ.

මෙම කණ්ඩායම් දෙකම සුපිරි හතර අදියර සඳහා සුදුකම් ලැබුවහොත් ඔවුන් යළිත් එකිනෙකා මුණගැසෙන අතර, කණ්ඩායම් දෙකම අවසන් මහා තරඟයට පිවිසීමට සමත් වුවහොත්, ඔවුන් තුන්වන වරටත් මෙවර ආසියානු කුසලානයේ දී මුණගැසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42