ආසියානු ක්‍රීඩා පදක්කම් දිනූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මිලියන 28ක්

නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ සංකල්පයක් යටතේ සිදු කෙරුණු මෙම උපහාර උලෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු ඇගයීම් ලැබූ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

නිමාවට පත් වූ 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභිනිය වූ තරුෂි කරුණාරත්න, රිදී පදක්කම් ලාභිණියක වන නදීෂා දිල්හානි ලේකම්ගේ මෙන්ම එම තරගාවලියේ ලෝකඩ පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ඇගැයීමට ලක් කරමින් මුදල් ත්‍යාග ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව රන් පදක්කම් ලාභීනී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සහ රිදී පදක්කම් ලාභී නදීෂා දිල්හානිගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත හන මහත්වරුන් ද මෙහිදී ඇගැයීමට ලක් කිරීම විශේෂත්වයක්.

මෙහිදී තරුෂි කරුණාරත්නට රුපියල් මිලියන 10ක මුදලක් ද ඇය විසින් දිනා ගන්නා ලද අනෙක් ලෝකඩ පදක්කම සඳහා තවත් රුපියල් මිලියනයක් ද ප්‍රධානය කෙරුණා. රිදී පදක්කම් ලාභිණී නදිෂා දිල්හානිට රුපියල් මිලියන 5ක මුදලක් මෙහිදී පිරිනමා තිබෙනවා. ලෝකඩ පදක්කම් ලාභීන් වූ පසිඳු කොඩිකාර, අරුණ දර්ෂණ, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙහිදී රුපියල් මිලියනය බැගින් ප්‍රධානය කෙරුණා.

පුහුණුකරුවන් වන සුසන්ත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 20ක ත්‍යාගයක්ද ප්‍රදීප් නිහාන්ත රුපියල් ලක්ෂ 10ක මුදලක් ද පිරිනමා තිබෙනවා. මෙම ඇගැයීමට ලක් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනික සමාජ සත්කාරක වගකීම් ඉටු කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසින් සිදු කළ බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ඔවුන් ලද ජයග්‍රහණ වෙනුවෙන් උපහාර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි දින කිහිපයේදී සැලසුම් කර තිබෙනවා.

අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මෙම ඇගැයීම් උපහාර උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට අමතරව, උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ ද සහභාගි වී සිටියා.

ඊට අමතරව කාන්තා ක්‍රිකට් උපදේශකවරියක මෙන්ම සංවර්ධනය පිළිබඳ උපදේශිකාවක වන ඔලිම්පික් පදක්කම් ලාභීණී සුසන්තිකා ජයසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා ද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?