ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම අද – ඉන්දියාව එන බව අවසන් මොහොතේ කියයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (24) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙවර වාර්ෂික මහා සභා රැස්වීම වර්ජය කිරීමට සූදානම් වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම තීරණය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල දැනුම් දී ඇත්තේ අද (24) පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගීවන බවයි.

මෙවර එහි වාර්ෂික මහා සභා රැස්වීම බංග්ලාදේශයේ ඩකා හිදී පැවැත්වෙන අතර, එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ සත්කාරකත්වය දැරීමට නියමිතව ඇති ඉදිරි ආසියානු කුසලානයේ ඉරණම මෙහිදී තීරණය කෙරෙනවා.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දේශපාලන ආතතිය ඉහළ යමින් තිබියදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඩකා වෙත නොපැමිණීමට තීරණය කළ අතර මෙවර වාර්ෂික මහා සභා රැස්වීම වර්ජනය කරන බවට තර්ජනය කරනු ලැබුවා.

මේ අතර අද (24) පැවැත්වෙන රැස්වීමේ දී විස්සයි විස්ස ආකෘතියෙන් පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයේ තත්ත්වය තීරණය කිරීමට නියමිතයි.

තරඟාවලියට අවසර ලැබුනහොත්, එය බොහෝ විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉඩ ඇති අතර, ඉන්දියාව එහි සත්කාරක අයිතිවාසිකම් පවත්වා ගනු ඇති.

පකිස්ථානය සහ ඉන්දියාව අතර පවතින මත ගැටුම් හේතුවෙන් පාකිස්ථානය ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙවර ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31