ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම අද – ඉන්දියාව එන බව අවසන් මොහොතේ කියයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (24) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙවර වාර්ෂික මහා සභා රැස්වීම වර්ජය කිරීමට සූදානම් වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම තීරණය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල දැනුම් දී ඇත්තේ අද (24) පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගීවන බවයි.

මෙවර එහි වාර්ෂික මහා සභා රැස්වීම බංග්ලාදේශයේ ඩකා හිදී පැවැත්වෙන අතර, එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ සත්කාරකත්වය දැරීමට නියමිතව ඇති ඉදිරි ආසියානු කුසලානයේ ඉරණම මෙහිදී තීරණය කෙරෙනවා.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දේශපාලන ආතතිය ඉහළ යමින් තිබියදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඩකා වෙත නොපැමිණීමට තීරණය කළ අතර මෙවර වාර්ෂික මහා සභා රැස්වීම වර්ජනය කරන බවට තර්ජනය කරනු ලැබුවා.

මේ අතර අද (24) පැවැත්වෙන රැස්වීමේ දී විස්සයි විස්ස ආකෘතියෙන් පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයේ තත්ත්වය තීරණය කිරීමට නියමිතයි.

තරඟාවලියට අවසර ලැබුනහොත්, එය බොහෝ විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉඩ ඇති අතර, ඉන්දියාව එහි සත්කාරක අයිතිවාසිකම් පවත්වා ගනු ඇති.

පකිස්ථානය සහ ඉන්දියාව අතර පවතින මත ගැටුම් හේතුවෙන් පාකිස්ථානය ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙවර ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?