AFC Banner
AFC Banner
Empty Ad

ආවේ චෛත්‍ය වදින්න, දේශපාලනය කතා කරන්න නෙමේ – මෛත්‍රිපාල සිරිසේන

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (01) දින රුවන්වැලි සෑයට පැමිණ ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි මහා චෛත්‍ය වැඳ පුදාගෙන රුවන්වැලි මහා චෛත්‍ය රාමාවාසි නෙකුටුණු වැවේ ඥානරතන සහ කුඩා ගල වැවේ ඥාන විමල හිමියන් බැහැ දැක මහා සංඝරත්නයේ  ආශිර්වාද ලබාගත් පසු මාධ්‍යයට අදහස් පළ කළ සිටියා.

මෙහිදී එතුමන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා නොදුන් අතර පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව මේ වන විට එය අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු වී ඇති බැවින් ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව පවසා සිටියා.

ආගමික වතාවත් සඳහා පැමිණි බැවින් දේශපාලනිකව ප්‍රකාශයන් සිදු කිරීමට වෙනත් ස්ථානයක් තෝරාගත යුතු බැවින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු  ලබා නොදී පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?