ආරුගම්බේ සංචාරක සංවර්ධන සැලැස්ම කඩිනමින්

ආරුගම්බේ සංචාරක සංවර්ධන සැලැස්ම කඩිනම් කරමින් මෙරට සංචාරක කර්මාන්තයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ආරුගම්බේ ප්‍රදේශය මූලික කරගෙන අම්පාර දිස්ත්‍රික් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුලික සාකච්ඡාවේ දී හඳුනාගත් ගැටළු සහ ඒවා විසඳීමට මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේ දී මුහුණ දිමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරුණු අතර ඒවාට විසඳුම් සෙවිමේ දි එක් එක් රේඛීය ආයතනවලට සිදු කළ හැකි මැදිහත්වීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වුණා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ ආරුගම්බේ ප්‍රධාන සංචාරක සැලැස්ම ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු වූ අතර වසර 3ක් සඳහා වන එම සංචාරක සංවර්ධන සැලැස්ම ජනාධිපතිවරයාගේ අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන බවයි සාගල රත්නායක මහතා සඳහන් කළේ.

මෙම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය සඳහා මසකින් නැවත රැස්වීමට ද මෙහිදී තීරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40