ආරුගම්බේ කැලඹීමට තැත් කළ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට – කැලඹීම ඇති කිරීමට හැදුවේ දේශීය අයෙක් – විජිත හේරත් (වීඩියෝ)

ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් එල්ල වීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට මේ වනවිට පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (24) දහවල් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා කියා සිටියේ සෘජු ලෙස ම ප්‍රහාරයක් පිළිබඳ ව තොරතුරු නොලැබුණු බවත්; නමුත් ඊශ්‍රායල ජාතිකයින් ඒකරාශී වන ස්ථාන ඉලක්ක කරගනිමින් යම්කිසි කැලඹීමක් ඇති විය හැකි බවට තොරතුරු ලැබී තිබූ බවයි.

එමෙන්ම අදාළ කැලඹීම විදේශිකයෙකු නොව දේශීය තැනැත්තෙකු ලවා සිදු කිරීමට සූදානමින් සිටින බවට දන්වමින් මෙම තොරතුරු ලැබුණු බව ද හෙතෙම පැවසුවා.

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය මීට හේතුවක් බවත්; මෙම බුද්ධි තොරතුර සමග තම රජය වහාම ක්‍රියාත්මක වී අවස්ථා කිහිපයක දී ම ආරක්ෂක කවුන්සිලය රැස් වී මීට ගත යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඊට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.

තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර, වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍යය බලකාය ඇතුළු සෑම අංශයක් ම යෙදවූ බවයි හෙතෙම සඳහන් කළේ.

එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල සිට ම යෙදවීමට කටයුතු කළ බවත්; ආරක්ෂක මණ්ඩලය තුළ අදාළ සාකච්ඡාව වැඩි වශයෙන් කතාබහ කෙරුණු බවත් ඉන් අනතුරුව පොලිසිය සේම බුද්ධි අංශ ද මෙම පරීක්ෂණ ආරම්භ කළ බව ද විජිත හේරත් මහතා කියා සිටියා.

ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් යන බවත්; ඉදිරියේ දී තවත් කරුණු අනාවරණය වීමට ඉඩ තිබෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?