AFC Banner
Empty Ad
Empty Ad

ආරුක්කු 09 පාලම බලන්න ආ සංචාරකයින්ට බඹර ප්‍රහාරයක්

දෙමෝදර ආරුක්කු 09 පාලම (Nine Arch Bridge) නැරඹීමට ආ දෙස් – විදෙස් සංචාරකයින් හට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මෙම බඹර ප්‍රහාරයෙන් කුඩා දරුවන්, තරුණයින් සහ වැඩිහිටියන් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පිරිසක් බඹර ප්‍රහාරයෙන් බේරීමට දිව ගොස් ඇති අතර; දිවයාමේ දී ඔවුන් ඇද වැටී තුවාල වී තිබෙනවා.

ඔවුන් සියලු දෙනාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර; මෙම ස්ථානයේ බඹර වද මීට මාස කිහිපයකට පෙර ද රාජ්‍ය ආයතන හා බිඟු සුරකීමේ සංවිධානය විසින් ඉවත් කරනු ලැබුව ද; යළිත් බඹර වද බැඳ තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?