AFC Banner
Empty Ad
Empty Ad

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

ගිනිඅවි බලපත්‍රහිමියන්ට එම බලපත්‍ර අලුත් කිරීමට සඳහා 2023 ඔක්තෝබර් මස 01 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා.

2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමක් සිදුනොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ.

එමෙන්ම වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට සඳහා වන තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ www.defence.lk වෙබ් අඩවිය ඔස්සේ භාගත කර ගැනීමේ හැකියව පවතිනවා.

මේ අතර 2024/2025 වර්ෂයන් සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම ලබන ඔක්තෝම්බර් පළමුවනදා සිට දෙසැම්බර් 31 දක්වා සිදුකෙරෙන බව ද දැනුම් දෙනවා.

එම කාලයෙන් පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?