ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රජයේ හා පෞද්ගලික රෝහල්වල ස්ථාපිත කිරීම පිළිබඳව කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටි අතර සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ ඊට පවතින බාධා පිළිබඳ මූලික කරුණු කාරණා මෙහිදී සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු විජිත බේරුගොඩ, ගරු වෛද්‍ය සීතා අරඹේපොල, ගරු. (ආචාර්ය) සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රවුෆ් හකීම්, ගරු. වජිර අබේවර්ධන, ගරු ඒ. එල්. එම් අතාවුල්ලා, ගරු පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීම්වලට පැමිණ සිටියහ.














