ඊශ්‍රායලයෙන් ටෙහෙරානයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයත් සමඟ ඇති විය හැකි තත්ත්වයන් සලකා බලා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා කළේ.

ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ගණනාවක් යොදා ගනිමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි නටාන්ස් සහ ෆෝඩෝ ප්‍රදේශ වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම ප්‍රහාර සඳහා අමෙරිකාවේ සහායද ලැබී ඇති බවයි.

මේ අතර අද (28) උදෑසන ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය සිවිල් ගුවන් ගමන් සඳහා තම ගුවන් කලාපය වසා දමා ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සම්බන්ධ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ ඉරානයේ ගුවන් කලාපය ද වසා දමා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14