AFC Banner
Empty Ad
Empty Ad

ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීම ගැන ජනපතිගේ අවදානය

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබාදීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

පස් වසරක සැලැස්මක් තුළින් අයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය සඳහා පියවර ගන්නා බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති දේශීය වෛද්‍ය සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද අයුර්වේද ක්‍රමය උපරිමයෙන් යොදා ගැනීමට පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?