ආයතනයක තිබූ වටිනා යන්ත්‍රෝපකරණ ඉස්සූ සැකකරුවන් දෙදෙනකු පොලිසියට හසුවෙයි

වැලිගම ප්‍රදේශයේ පිහිටි දැවැන්ත අපනයන කර්මාන්ත ශාලාවක් සතු ව තිබූ රුපියල් ලක්ෂ විස්සකට වැඩි වටිනාකමින් යුත් යන්ත්‍ර උපකරණ අමතර කොටස් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු එම අමතර කොටස් සමග අද (12) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම පොලිසිය විසින් සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ප්‍රමුඛ සන්නාමයක් යටතේ වැලිගම ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව මගින් අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කොට එම භාණ්ඩ විවිධ රටවල් සඳහා අපනයන සිදු කරනු ලබන බව වාර්තා වනවා.

මෙම ආයතනය සතු බොහෝ දේපළ අවස්ථා ගණනාවක දී අස්ථානගත වීම් පිළිබඳව පැමිණිලි ගණනාවක් මිදිගම පොලිසිය වෙත මීට පෙර ද ලැබී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ පිළිබඳව ද මිදිගම පොලිසියේ ස්ථානාධිපති අසෝක අබේවර්ධන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා.

⁣කෙසේ නමුත් එම සිදුවීම්වලට ම ආසන්න සිද්ධියක් ලෙස ඔක්තෝබර් 02 වැනි දින මෙම ආයතනයේ භාණ්ඩ සොරකමක් පිළිබඳව ආයතනයේ බලධාරීන් විසින් මිදිගම පොලිසියට යළිත් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කාලයක සිට සිදු කළ විමර්ශන මත යන්ත්‍ර සූත්‍ර සඳහා යොදා ගන්නා රුපියල් ලක්ෂ විස්සකට වැඩි වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 26ක් බරැති පිත්තල බුස් හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අද අත්අඩංගුවට ගැනුණා.

එම සැකකරුවන් මිදිගම සහ බටවල ප්‍රදේශයේ පදිංචි වයස 30 හා 56 පසුවන අය බවයි වාර්තා වන්නේ.

මෙම සොරකම් සඳහා සම්බන්ධ තවත් සැකකරුවන් පස්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි පොලිසිය පවසනවා.

සැකකරුවන් කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?