‘ආමි උපුල්’ ඝාතනයට තවත් අයෙක් අල්ලයි

ආමි උපුල් නමැත්තා රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අපරාධයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු සන්තකයේ තිබී ග්‍රෑම් 50ක් සහ මිලිග්‍රෑම් 600ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන මෙම සැකකරු වයස අවුරුදු 30ක අයෙක්.

ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු ආමි උපුල් නැමැත්තාට වෙඩි තබා පළාගොස් තිබුණේ පසුගිය 03 වනදා රාත්‍රියේයි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 08 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?