ආබාධයකට ලක් වූ ස්මිත් පිටියෙන් ඉවතට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අතර තුර පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියානු උප නායක ස්ටීව් ස්මිත් ආබාධයකට ලක්ව රෝහල් ගතකර තිබෙනවා.

ස්මිත්ගේ දකුණු අතේ කුඩා ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස ස්කෑන් පරීක්ෂාවක් සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

උඩ පන්දුවක් රැකගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ දකුණු අතේ කුඩා ඇඟිල්ලට මෙලෙස අබාධයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ දකුණු අප්‍රිකානු පිළිතුරු දෙවන ඉනිම ඔහුට අහිමිව යනු ඇති.

මෙම ආබාධය මත ඔහුට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 282ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානුවන් මේ වනවිට කඩුලු 08 අතැතිව තවත් ලකුණු 132ක් පසුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?