ආබාධයකට ලක් වූ නේමාර් ගැන කටාර් රාජ්‍යයෙන් ඇසෙන අලුත් කතාව

බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර්ගේ ආබාධ තත්ත්වය ඔහුට ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට බාධාවක් නොවන බව කටාර් රාජ්‍යයෙන් වාර්තා වනවා.

ඒ, අනුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීල කණ්ඩායම සහභාගීවන ඉතිරි තරග සඳහා නේමාර් ක්‍රීඩා කරනු ඇති බවයි බ්‍රසීල පාපන්දු පුහුණුකරු ටයිට් සඳහන් කර ඇත්තේ.

“කරදර වෙන්න එපා, නේමාර් ලෝක කුසලානය ක්‍රීඩා කරයි. ඔබට ඒ ගැන සහතික විය හැකියි” යනුවෙන් ටයිට් විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

බ්‍රසීල කණ්ඩායම ඊයේ සහභාගී වූ තරගය අතර තුර නේමාර් දකුණු වළලුකරේ ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහුට සිදුවුනේ තරගයේ අවසන් විනාඩි කිහිපය තුළ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යෑමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?