ලංකාවේ ප්‍රධානතම ගංජා ජාවාරම්කරුවෙක් වන “තණමල්විල ආප්ප සුද්දා” නැමැත්තාගේ ගෝලයින් 8දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස සමග ගංජා කිලෝ ග්‍රෑම් 307ක්, ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2ක් සහ බඳින තුවක්කුවක් ද වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ, තණමල්විල, කුඩාඔය, ගගේ යාය , ඌව කුඩාඔය සහ මැදමුලන ප්‍රදේශයේ පදිංචි 30, 34, 40,42, 45, 46 සහ 53 වියේ පසුවන පුද්ගලයින්ය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී.අජිත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් හේන් දෙකක් වටලා එහි තිබූ ගංජා සහ දඩමස් ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකෙරෙන බඳින තුවක්කුවක් ද සොයාගෙන ඇත.
හේන් දෙකේ හොදින් වැඩී තිබූ අඩි 5 ක් පමණ උසැති ගංජා ගස් දහසකට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෝනගංආර පොලීසියට භාර දී ඇත.




