ආපදා මෙහෙයුම්වල නිතරව සිටින අතරතුර, අනතුරට ලක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානය සම්බන්ධයෙන් ගුවන් හමුදා අභ්‍යන්තර විමර්ශන මණ්ඩලයක් පත්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ගංවතුර මඟින් පිඩාවට පත්ව සිටි ජනතාව සඳහා ආහාර බෙදා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබූ අදාළ හෙලිකොප්ටරය ඇති වූ හදිසි තත්වයක් මත ඊයේ (01) පස්වරුවේ ලුණුවිල පාලම අසළ ජලාශයට හදිසි ගොඩබෑමක් සිදු කරනු ලැබුවා.
එහිදී එම හදිසි ගොඩබැස්වීමෙන් අනතුරුව එහි සිටි ගුවන් හමුදා සාමාජිකයින් පස්දෙනෙක් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණා.
කෙසේ වෙතත් එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරට ලක් වූ අනෙක් නිලධාරීන් සිව්දෙනා මාරවිල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.















