දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එමෙන්ම පුද්ගලයින් 184 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
මීට අමතරව පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ.
මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 7,000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දැනට සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.
එම පිරිස් මාස 02ක් හෝ 03ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
අද (14) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියා.















