ආපදාවෙන් අනාරක්ෂිත භාවයට පත් දරුවන් ගැන තොරතුරු ඉල්ලන පුද්ගලයින් පිළිබඳ පොලිසියේ අවදානය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැකබලා ගැනීම හා ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දරුවන් ඔවුන් භාරයට පත් කරන ලෙස ඉල්ලීම් කරමින් විවිධ දුරකථන අංක පල කරමින් ඒවාට දරුවන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පණිවිඩ සංසරණය වන බවට පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පල කරනු ලබන ඇතැම් නොහඳුනන පුද්ගලයින් විසින් අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා ලබාගැනීමෙන් පසු එම දරුවන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සහන සපයන මුවාවෙන් විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොමු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම දරුවන් ලිංගික අපයෝජන, ළමා අපචාර, මෙහෙකාර සේවයේ යෙදවීම හා ළමුන් කෲරත්වයට පත් කිරීම් ඇතුළු අපරාධ සඳහා මෙම අනාරක්ෂිත දරුවන් ලක්වීමද සිදු විය හැකි බව ද පොලිසිය අනතුරු අඟවනවා.

එම දරුවන් නිසි භාරකාරත්වයට ගෙන ඔවුන් සුරක්ෂිතව පෝෂණය කිරීමේ හෝ දරුකමට හදා වඩා ගැනීමට යම් තැනැත්තෙකුට සද්භාවයෙන්ම අවශ්‍යතාවයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු ඉටුකර ගත හැකි වනු ඇති.

ඒ, අනුව සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස දුරකථන අංක පලකරමින්, අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත එම දරුවන්ගේ තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.

එවැනි දෙමව්පියන් අහිමිව අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව යම් අයෙකුට සහනයක් ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ළමා රක්ෂණ අධිකාරිය හෝ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය දැනුවත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?