Empty Ad
AFC Banner
Empty Ad

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එලෙස මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කතාව කරන අතරතුර හොඳටම තදවුණු අන්කල් සැරටම බැනපු හැටි
02:31
Video thumbnail
ජනපති අනුර තිස්සමහරාම රැලියේ රටටම හෙළිකරපු දේ
18:11
Video thumbnail
සුපුරුදු ස්වරයෙන් ජනපති තිස්සමහරාමය සැරටම අමතපු හැටි
10:31
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන තිස්සමහරාම ජනතා රැලිය - සජීවීව
02:13:36
Video thumbnail
උණුසුම් පිළිගැනීමක් මැද එකපාරටම අනුර තිස්සමහරාම වේදිකාවට ගොඩවෙයි
00:55
Video thumbnail
අඩුවක් නැතිව සෙනග පිරුණු මාලිමාවේ රැලිය දෙවනත් කරපු අපේක්ෂිකාව
07:47
Video thumbnail
වෛද්‍යවරයෙකුට කළ අහස පොළොව නුහුලන වැඩක්
10:58
Video thumbnail
අලිමංකඩ ලුණු ලේවායත් රන් අකුරින් ලියන්නට සුදානම්
09:39
Video thumbnail
උතුම් ශ්‍රී දළදා දැක්මට සියල්ල සූදානම්
00:35
Video thumbnail
පුංචි ඡන්දෙ ගොඩදාගන්න වැඩේට බැහැපු සජිත් ඇක්ෂන් දාලා ආණ්ඩුවට දෙසපු හැටි
09:29

?