ආනයන තහනම මැද ගෙන්වූ වාහන 6900

වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා වාහන 6900ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඉන් වාහන 3000ක් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ බවයි ඔහු සඳහන් කළේ.

වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වාහන අමතර කොටස් ගෙන්වීමට තිබූ තහනම ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි.

කොව්ඩ් අර්බුදය සමග මතු වූ ආර්ථික ගැටලුව සමඟ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා.

ඒ අනුව 2022 වසරේ ජුනි මස 5 වනදා ගිලන්රථ, පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට අවශ්‍ය රථ වැනි පොදු අවශ්‍යතාවයන්ට අවශ්‍ය වාහන ගෙන්වීමට අවසර හිමිවූ අතර වෙනත් වාහන ගෙන්වීම තහනම් කෙරුණා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ නීති විරෝධීව ගෙන්වනු ලැබූ වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?