ආනයන තහනම මැද ගෙන්වූ වාහන 6900

වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා වාහන 6900ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඉන් වාහන 3000ක් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ බවයි ඔහු සඳහන් කළේ.

වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වාහන අමතර කොටස් ගෙන්වීමට තිබූ තහනම ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි.

කොව්ඩ් අර්බුදය සමග මතු වූ ආර්ථික ගැටලුව සමඟ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා.

ඒ අනුව 2022 වසරේ ජුනි මස 5 වනදා ගිලන්රථ, පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට අවශ්‍ය රථ වැනි පොදු අවශ්‍යතාවයන්ට අවශ්‍ය වාහන ගෙන්වීමට අවසර හිමිවූ අතර වෙනත් වාහන ගෙන්වීම තහනම් කෙරුණා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ නීති විරෝධීව ගෙන්වනු ලැබූ වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56