ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි මිල පහළට

ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව රුපියල් 220

ක්ව පැවති ආනයනික සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් දක්වා අඩු වී ඇති අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310ක් දක්වා අඩුව ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මීට අමතරව රුපියල් 230ක්ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල ද රුපියල් රුපියල් 210ක් ලෙස මිල පහළ ගොස් ඇති බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ අතර මෙට පෙර සඳහන් කළ පරිදි ආනයනික කිරිපිටි මිල ද අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?