Empty Ad
Empty Ad
AFC Banner

ආනයනික සහල් නිෂ්කාශන කටයුතු යළි ඇරඹෙයි

නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු යළි ආරම්භ වී තිබෙනවා.

අද (26) සිට එම කටයුතු ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා රේගු අධිකාරිය පැවසුවේ.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිෂ්කාශනය කරගැනීමේ කටයුතු හැකි වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා පැවසුවා.

රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට 20 වන දින දක්වා අවසර ලබා දී තිබූ අතර එම කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේ දී සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබු කාලය ජනවාරි මස 10 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 24 වන දින නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ‍මෙරටට ආනයනය කරන ලද සහල් යළිත් අද දිනයේ සිට නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදු කරන බව රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රජය ආනයනය කළ මෙට්‍රික් ටොන් 780ක පළමු සහල් තොගය ඊයේ (25) රාත්‍රී කොළඹ වරාය වෙත ළඟාවීමට නියමිතව තිබු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.

එම සහල් තොගය කඩිනමින් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35

?